Subscribe:

Ads 468x60px

Today :

Thursday, March 22, 2018

මහනුවර නිපෝන් පාලම අසල වැලි කැණිම් හේතුවෙන් සිදුවී ඇති පරිසර හානිය නිරීක්ෂණය කිරීම


මහනුවර නිපෝන් පාලම අසල වැලි කැණිම් හේතුවෙන් සිදුවී ඇති පරිසර හානිය නිරීක්ෂණය කිරීම සඳහා කාර්යාංශයේ සාමාන්‍යාධිකාරීතුමා ,අභ්‍යන්තර විගණකතුමා,මාධ්‍ය ලේකම්තුමා ඇතුළු නිළධාරීන් පිරිසක් 2018.03.13 දින එම ස්ථානයේ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කෙරිනි.




















Wednesday, March 21, 2018

මොණරාගල කුඹුක්කන් ඔය ආශ්‍රීතව සිදුවන අනවසර වැලි කැණිමක් හේතුවෙන් සිදුවන පරිසර හානිය පිළිබඳව ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කිරීම


මොණරාගල කුඹුක්කන් ඔය ආශ්‍රීතව සිදුවන අනවසර වැලි කැණිමක් හේතුවෙන් සිදුවන පරිසර හානිය පිළිබඳව ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කිරීම සඳහා 2018.03.07 දින සභාපතිතුමා ප්‍රධාන අධ්‍යක්ෂ ජනරාල්,නියෝජ්‍ය අධ්‍යක්ෂ(කැණීම්),අභ්‍යන්තර විගණක සහ මාධ්‍ය ලේකම් ඇතුළු නිළධාරීන් පිරිසක් එම කැණිම් සිදුකල ස්ථානය නිරීක්ෂණය කර අදාළ විධිවිධාන යොදන ලදී.














Thursday, November 2, 2017

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය - මාධ්‍ය හමුව 2017

අප භූමියේ පස්, වැලි, කළුගල් හා මැටි ආශ්‍රිතව සිදුවෙතැයි පැවසෙන අනවසර කැණීම් හා ප්‍රවාහනය කිරීම් හා බැඳුනු මහා පරිමාණ ජාවාරම් හේතුකොටගෙන සිදුවන බරපතළ පරිසර විනාශය පිළිබඳව වර්තමානයේ ජනමාධ්‍යවල නිරන්තර කතාබහට ලක්ව ඇත.
එසේම අධිවේගී මාර්ග ඇතුළු වර්තමානයේ රට තුළ දියත් වන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිවලට අවශ්‍ය ගල්, වැලි, පස් යනාදිය අප්‍රමාදව පහසු‍වෙන් ලබා ගැනීමට ඇති නොහැකියාව හේතුකොටගෙන රජයේ මහා පරිමාණ ව්‍යාපෘති පවා නතර වී ඇත.
ඉහත කරුණු දෙකටම අදාළව සියළු පාර්ශවයන්ගේ ඇඟිල්ල දිගු වී ඇත්තේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයටයි. එබැවින් ඉහත චෝදනාවලට අදාළව සත්‍යය හෙළිදරව් කිරීම හා අපගේ නව සැලසුම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා කටයුතු යොදා ඇත.
මහ ජනතාවට තමන්ගේ යෝජනා, චෝදනා ,පැමිණිලි හා වෙනත් තොරතුරු භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් විමසීම සඳහා දවසේ පැය විසිහතර පුරා ක්‍රියාත්මක වන 1921 නව ක්ෂනික  ඇමතුම් දුරකථන සම්බන්ධතාවය හරහා දැනුම්දිය හැක.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සම්බන්ධවයෙන් යම් මාධ්‍ය ආයතනයකට අවශ්‍ය තොරතුරු විමසීම උදෙසා මාධ්‍ය ඒකකයක් ස්ථාපිත කර ඇති අතර කාර්යාංශයට එල්ල වන සෑම චෝදනාවකදීම එම චෝදනා මාධ්‍ය තුලින් ප්‍රචාරය කිරීමට පෙර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මඟින් පත් කර ඇති මාධ්‍ය ප්‍රකාශක තුමාගෙන් එම පුවතේ නිවැරදි බව හා සත්‍යතාවය තහවුරු කරගැනීම උදෙසා නව මාධ්‍ය ප්‍රකාශක දූරය හඳුන්වා දී ඇත.
මෙම කරුණු සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වගකීම හා කාර්යභාරය තුලින් ඉදිරි නව සැලසුම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් 2017.11.02 බ්‍රහස්පතින්දා දින පෙ.ව 11.00 ට   සභාපති නීතීඥ නිමල් බෝපගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යක්ෂ ජනරාල් රොහාන් ප්‍රනාන්දු මැතිතුමාගේ සහභාගීත්වයෙන් අංක 569 එපිටමුල්ල පාර, පිට‍කෝටිටේ පිහිටි භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ.

*ප්‍රවෘත්ති විකාශය