Subscribe:

Ads 468x60px

Today :

Wednesday, November 30, 2016

“වන රෝපා” ජාතික රුක් රෝපණ වැඩසටහනට සමගාමීව පැළ 4000 ක් සිටුවීමේ වැඩසටහන - දෙල්තොට ග්‍රේට් වැලි බටහිර කොටස තුළ

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ "වන රෝපා" වැඩසටහනට සමගාමීව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සංවිධානය කරන ලද පැළ 4000ක් සිටුවීමේ වැඩසටහන මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධා ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් මස 28 වැනි දින මහනුවර දෙල්තොට ග්‍රේට්වැලි බටහිර කොටසේ දී පැවැත්විණ.

කොළඹ ගංගාරාම විහාරස්ථානයට අයත් ශ්‍රී ජිනරතන අධ්‍යාපන පාලක සභාවේ කෘෂිකාර්මික ගොවිපළක් පවත්වාගෙන යනු ලබන ග්‍රේට් වැලි බටහිර කොටසේ අක්කර හතරක බිම් ප්‍රමාණයක් මෙම වන වගා ව්‍යපෘතිය සඳහා ලබා දී ඇත.




















තව ද එදිනට සමගාමීව නිකුත් වූ දිනමිණ පුවත් අතිරේකයේ වාර්තා කිහිපයක් පහතින්,





Monday, November 21, 2016

නායකත්ව පුහුණු වැඩමුළුව - 2016


සභාපතිතුමාගේ සංකල්පයක් මත කළමනාකාරීතවයේ උපදෙස් පරිදි කාර්යාංශයේ සුභසාධක සංගමයේ සංවිධාන ශක්තියෙන් යුතුව 2016.11.12 හා 13 දෙදින පුරා නායකත්ව පුහුණු වැඩමුළුවක් MAS Fabric Park හීදී ඉතා සාර්ථකව පැවැත්විණි. 

ප්‍රවීන පුහුණු උපදේශක ආචාර්ය. සමන් වීරවංශ මහතා විසින් මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබූ අතර මෙම වැඩමුළුව සඳහා ප්‍රධාන කාර්යාලයේ සහ ප්‍රාදේශීය කාර්යාල වල සේවක මහත්ම මහත්මීන් 225 ක් පමණ සහභාගී විය. 

"Emotional Intelligence for Sustainable Leadership" තේමාව කරගත් මෙම වැඩසටහන දේශන හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසකින් සමන්විත වූ අතර තම රැකියා ජීවිතය වඩා අර්ථවත් කර ගැනීමට මෙම වැඩසටහනෙහි හරය ඉවහල් වන බව වැඩසටහනට සහභාගී වු සියළුම සේවක මහත්ම මහත්මීන්ගේ අදහස විය. 

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් , 









Wednesday, May 11, 2016

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2016 මැයි මස 06 වන දින පැවැත්විණ.මෙම අවස්ථාව සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් පිරිසක්ද සහභාගී වු අතර එහිදී කාර්යාංශයේ ඉදිරි කටයුතු සම්බන්ධව අතිගරු ජනාධිපතිතුමන් විසින් උපදෙස් ලබාදෙන ලදී.












Thursday, April 21, 2016

අධ්‍යක්ෂ ජනරාල් ආචාර්යය බර්නාඩ් ප්‍රේම් මහතාගේ සමුගැනීමේ උත්සවය

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර හෙබවූ ආචාර්යය බර්නාඩ් ප්‍රේම් මහතාගේ සමුගැනීමේ උත්සවය 2016 අප්‍රේල් මස 20 වන දින කාර්යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණ.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අචාර්යය බර්නාඩ් ප්‍රේම් මහතා පාසල් කාලය තුළ විෂයානුබද්ධ මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා ද යොමු වූ පාසලේ කැපී පෙනෙන චරිතයකි. ගණිත විෂය ධාරාව යටතේ උසස් පෙළ විශිෂ්ට ලෙස සමත්වන ඔහු වඩාත්ම ප්‍රියකරන භූ විද්‍යා විෂය හැදෑරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් විණ. 1980 වර්ෂයේ දී විශ්වවිද්‍යාල ජීවිතයට සමු දෙන ඔහු භූ විද්‍යාවේදී ගෞරව උපාධිදාරියෙකි.

1981 වර්ෂයේ දී භූ විද්‍යාඥයකු ලෙස භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ පත්වීම් ලබන අතර ඉන් අනතුරුව ඔහු ජර්මනියේ බොන් විශ්ව විද්‍යාලයට ඇතුළත්ව 1994 දී ආචාර්ය උපාධිය ලැබූවකි.එහිදී එම අධ්‍යාපනය සාර්ථකව නිම කොට එවකට පාෂාණ විද්‍යාව පිළිබඳ අචාර්ය උපාධිය ලැබූ ලොව බිහි වූ කිහිප දෙනා අතරට එක්වීමට තරම් එම විෂයෙහි අති දක්ෂයෙකු බවට පත්වීමට ඔහු සමත් විය. 

ඉන් අනතුරුව ආචාර්ය උපාධිය නිම කිරීමෙන් පසු නැවතත් ඔහු ලබාගත් දැනුමෙන් උපන් දේශයට සේවයක් කිරීමට පැමිණෙන ඔහු භූ විද්‍යා අංශයේ සහකාර සහකාර අධ්‍යක්ෂවරයා  ලෙසද, වැඩ බලන සාමාන්‍යාධිකාරී ලෙසද, නියෝජ්‍ය අධ්‍යක්ෂ භූ විද්‍යා ලෙසද තම රාජකාරී ජීවිතයේ කඩඉම් පසු කරමින් කාර්යාංශය තුළ තමාට ලබාගත හැකි ඉහළම තනතුර වන අධ්‍යක්ෂ ජනරාල් ධූරය දක්වා තම වෘත්තීය ජීවිතයේ විකාශය භූ විද්‍යා සමීක්ෂණ  හා පතල් කාර්යාංශය තුළ සනිටුහන් කරනු ලබයි. 

තව ද ආචාර්යය බර්නාඩ් ප්‍රේම් මහතා 2014 වසරේ දී ආනන්ද කුමාරස්වාමී සම්මානයෙන් ද  පිදුම් ලැබිණ.

එතුමන් වෙනුවෙන් කාර්යාංශයේ සුභ සාධක සංගමය විසින් සංවිධානය කරනු ලබන සමුගැනීමේ උත්සවයේ විශේෂ අවස්ථාවන් කිහිපයක් පහතින් දැක්වේ.


 
 

Sunday, April 3, 2016

කාර්මික කැනිම් "පිපිරවීම්"පාඨමාලාව - 4 වන කණ්ඩයම

2016-03-12 දින කාර්මික කැනිම් "පිපිරවීම්" පාඨමාලාවේ 4 වන කණ්ඩයම ආරම්භය සිදුවිය.මෙම අවස්ථාව සඳහා භු විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කැනිම් ඉංජිනේරු සජ්ජන ද සිල්වා සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ සහකාර පුපුරන ද්‍රව්‍ය පාලක බන්දුල හේරත් යන මහත්වරුන් ප්‍රධානත්වයෙන්  පැවැත්විණ. 


ය.

සර්වරාත්‍රික පිරිත් සජ්ඤායනය සහ පසුදින හීල් දානමය පුන්‍යකර්මය

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට වසර 113 ක් සැපිරීම සහ නව විද්‍යාගාර ගොඩනැගිල්ලට මුල්ගල තිබීම නිමිතිකොටගෙන 2016 මැදින් මස 18 වන දින සර්වරාත්‍රික පිරිත් සජ්ඤායනයක් සහ පසුදින හීල් දානමය පුන්‍යකර්මයක් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කාර්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණ.