භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ මේ වන විට ස්ථාපිත කර ඇති භූ කම්පන හා සුනාමි නිරීක්ෂණ මධ්‍යස්ථානයට අමතරව මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ ද බුද්ධංගල, හක්මණ ,මහකන්දරාව යන ප්‍රදේශයන් වලද භූ කම්පනමාන මධ්‍යස්ථාන ස්ථාපිත කොට ඇත. එම මධ්‍යස්ථාන මඟින් අදාළ ප්‍රදේශය තුල සිදුකෙරෙන භූ කම්පන පිළිබඳ නිරීක්ෂණයන් අනෙකුත් මධ්‍යස්ථාන හා ප්‍රධාන කාර්යාලයේ පිහිටා ඇති සුනාමි නිරීක්ෂණ මධ්‍යස්ථානය සමඟ දත්ත සහ තොරතුරු හුවමාරු කර ගැනීමට ඒ සඳහා විශේෂ වූ මෘදුකාංග පද්ධතියක් යොදා ගැනේ. ඒ පිළිබඳව භූ කම්පන හා සුනාමි නිරීක්ෂණ මධ්‍යස්ථානයේ රාජකාරී සිදුකරන නිළධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් 2020.02.11 වන දින සිට 2020.02.13 යන තෙදින තුලදී කාර්යාංශ ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය. මෙහිදී ජර්මනියේ GFZ ආයතනයේ Dr.Angelo Strollo මහතා විසින් ‘GEFON’ වැඩසටහන මඟින් SEISCOMP3 මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව දැනුම්වත් කිරීම සිදු කෙරිණි.
Showing posts with label events. Show all posts
Showing posts with label events. Show all posts
Sunday, February 16, 2020
Monday, February 3, 2020
කොළඔ දිස්ත්‍රික්කයේ කළුගල් කර්මාන්තයේ නියැලෙන්නන්ට වැඩමුළුවක්
කැණීම් ක්ෂේත්‍රයේ කටයුතු නියාමනය කරන ප්‍රධානතම රාජ්‍ය ආයතනය වන්නේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයයි. කාර්යාංශය මඟින් “ආරක්ෂිත වැඩබිමක් - සුරක්ෂිත හෙට දවසක්“ තේමාව යටතේ කොළඔ දිස්ත්‍රික්කය තුළ කළුගල් කර්මාන්තයේ නියැළෙන පිරිස් සඳහා 2020.01.31 වන දින වැඩමුළුවක් පවත්වන ලදී. මෙම වැඩමුළුවේ දී කළුගල් ව්‍යාපෘතියක් පවත්වාගෙන යාමේ දී ප්‍රගුණ කළ යුතු යහපුරුදු, ආරක්ෂිත පිපුරුම් ක්‍රම, ආරක්ෂිත පුපුරණ ද්‍රව්‍ය භාවිතය, සේවක සෞඛ්‍ය හා සුභසාධනය මෙන්ම කළුගල් කර්මාන්ත කරුවන් ක්ෂේත්‍රයේ දී මුහුණපාන විවිධ ගැටළු නිරාකරණය කරගත හැති ආකාරය පිළිබඳව කාර්යාංශයේ ජ්‍යෙෂ්ඪ නිළධාරීන් සහ කැණිම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන ඉංජිනේරු.ඩී.සජ්ජනද සිල්වා මහතා (ජ්‍යෙෂ්ඪ අධ්‍යක්ෂ- කැණිම්), ඉංජිනේරු කේ.වී.ජගත් මහතා (අධ්‍යක්ෂ - පතල් සුරක්ෂිතතා), ආචාර්ය ජී.වී.අයි. සමරදිවාකර මහතා (ජ්‍යෙෂ්ඪ කථීකාචාර්ය.දෙපාර්තමේන්තු ප්‍රධානී, භූ සම්පත් ඉංජිනේරු අංශය, මොරටුව විෂ්වවිද්‍යාලය), ඉංජිනේරු ලක්ෂ්මන් පැන්ස් මහතා(අතිරේක කම්කරු කොමසාරිස් ජනරාල් (කම්කරු දෙපාර්තමේන්තුව), ඉංජිනේරු ලේ.අසේල ප්‍රනාන්දු මහතා(අධ්‍යක්ෂ- පාරිසරික බලපෑම් ඇගයීම් සහ ප්‍රාදේශීය) විසින් දේශන පවත්වන ලදී.


Friday, January 24, 2020
Subscribe to:
Posts (Atom)






























































