Subscribe:

Ads 468x60px

Today :

Thursday, March 31, 2016

2016-03-31 වන දින නව විද්‍යාගාර ගොඩනැගිලි සංකිර්ණය සදහා මුල්ගල තැබීම

භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශයේ ඉදිකිරිමට යෝජිත මහල් 06 කින් හා වර්ග මිටර් 3112 කින් සමන්විත නව විද්‍යාගාර ගොඩනැගිලි සංකිර්ණය සදහා මුල්ගල තැබීම 2016-03-31 දින ගරු මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය නිතිඥ අනුරාධ ජයරත්න මැතිතුමා ගේ සුරතින් සිදුකරන ලදි. මෙම අවස්ථාව සදහා භු විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ආචාර්ය කිත්සිරි දිසානායක , අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය බර්නාඩ් ප්‍රේම් , සාමාන්‍යාධිකාරි එම් ඩබ් ජයමාන්න , නියෝජ්‍ය අධ්‍යක්ෂ කැනිම් ඉංජිනේරු සජ්ජන ද සිල්වා යන මහත්වරු හා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ ඇති ආයතන වල ආයතන ප්‍රධානීන් ද සහභාගි විය.














Monday, January 25, 2016

රාජ්‍ය හා රාජ්‍ය සේවා ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය 2016 ජනවාරි 25-30

2016.01.25 දින  රාජ්‍ය හා රාජ්‍ය සේවා ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන  දිනය ලෙස නම් කර ඇත. එබැවින් නීරෝගී රාජ්‍ය සේවයක් මඟින් කාර්යක්ශම ඵලදායී රාජ්‍ය සේවයක් ලබා දීමේ අරමුණින් අප ආයතනය ද ශරීර සුවතා වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

සියළුම කාර්යය මණ්ඩලය ව්‍යායාම වල නිරත වීමේ අවස්ථා පහතින්....






Monday, January 4, 2016

කොළඹ දිස්ත්‍රික්කය සඳහා නව ප්‍රාදේශීය කාර්යාලය හා සියළු ඛනිජ සඳහා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම හා වෙළඳ බලපත්‍ර සැකසීමේ ඒකකය පිහිටුවීම

2016/01/04 දින සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත්‍රික්කය සඳහා නව ප්‍රාදේශීය කාර්යාලයක් හා සියළු ඛනිජ සඳහා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම හා වෙළඳ බලපත්‍ර සැකසීමේ ඒකකයක් 569, එපිටමුල්ල පාර, පිටකෝට්ටේ හි විවෘත කරන ලදී.