Subscribe:

Ads 468x60px

Today :

Thursday, April 21, 2016

අධ්‍යක්ෂ ජනරාල් ආචාර්යය බර්නාඩ් ප්‍රේම් මහතාගේ සමුගැනීමේ උත්සවය

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර හෙබවූ ආචාර්යය බර්නාඩ් ප්‍රේම් මහතාගේ සමුගැනීමේ උත්සවය 2016 අප්‍රේල් මස 20 වන දින කාර්යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණ.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අචාර්යය බර්නාඩ් ප්‍රේම් මහතා පාසල් කාලය තුළ විෂයානුබද්ධ මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා ද යොමු වූ පාසලේ කැපී පෙනෙන චරිතයකි. ගණිත විෂය ධාරාව යටතේ උසස් පෙළ විශිෂ්ට ලෙස සමත්වන ඔහු වඩාත්ම ප්‍රියකරන භූ විද්‍යා විෂය හැදෑරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් විණ. 1980 වර්ෂයේ දී විශ්වවිද්‍යාල ජීවිතයට සමු දෙන ඔහු භූ විද්‍යාවේදී ගෞරව උපාධිදාරියෙකි.

1981 වර්ෂයේ දී භූ විද්‍යාඥයකු ලෙස භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ පත්වීම් ලබන අතර ඉන් අනතුරුව ඔහු ජර්මනියේ බොන් විශ්ව විද්‍යාලයට ඇතුළත්ව 1994 දී ආචාර්ය උපාධිය ලැබූවකි.එහිදී එම අධ්‍යාපනය සාර්ථකව නිම කොට එවකට පාෂාණ විද්‍යාව පිළිබඳ අචාර්ය උපාධිය ලැබූ ලොව බිහි වූ කිහිප දෙනා අතරට එක්වීමට තරම් එම විෂයෙහි අති දක්ෂයෙකු බවට පත්වීමට ඔහු සමත් විය. 

ඉන් අනතුරුව ආචාර්ය උපාධිය නිම කිරීමෙන් පසු නැවතත් ඔහු ලබාගත් දැනුමෙන් උපන් දේශයට සේවයක් කිරීමට පැමිණෙන ඔහු භූ විද්‍යා අංශයේ සහකාර සහකාර අධ්‍යක්ෂවරයා  ලෙසද, වැඩ බලන සාමාන්‍යාධිකාරී ලෙසද, නියෝජ්‍ය අධ්‍යක්ෂ භූ විද්‍යා ලෙසද තම රාජකාරී ජීවිතයේ කඩඉම් පසු කරමින් කාර්යාංශය තුළ තමාට ලබාගත හැකි ඉහළම තනතුර වන අධ්‍යක්ෂ ජනරාල් ධූරය දක්වා තම වෘත්තීය ජීවිතයේ විකාශය භූ විද්‍යා සමීක්ෂණ  හා පතල් කාර්යාංශය තුළ සනිටුහන් කරනු ලබයි. 

තව ද ආචාර්යය බර්නාඩ් ප්‍රේම් මහතා 2014 වසරේ දී ආනන්ද කුමාරස්වාමී සම්මානයෙන් ද  පිදුම් ලැබිණ.

එතුමන් වෙනුවෙන් කාර්යාංශයේ සුභ සාධක සංගමය විසින් සංවිධානය කරනු ලබන සමුගැනීමේ උත්සවයේ විශේෂ අවස්ථාවන් කිහිපයක් පහතින් දැක්වේ.


 
 

0 comments:

Post a Comment